Tuesday, January 13, 2026
Follow Us
මහ වැස්ස වගේ
,මහ වැස්ස වගේ නුඹ මගෙ හදවතට එඹෙනවා...
රෑ තිස්සෙ ඔයා හීනෙන් මා එක්ක නටනවා....
සැඩ සුලං වගේ ,
සැඩ සුලං වගේ මා මනසේ හමා ඇදෙනවා
සැර අකුණු වගේ හිටි හැටියේ මා අවුලනවා.......
මහ වැස්ස වගේ........
මුතු කදුළු ඔබේ.,
මුතු කදුළු ඔබේ බරයි හිතට නාඩ ඉදින් මගෙ රත්තරණේ
පුර සදක් වගේ නුඹ දිලියන් අමාවකෙත් මගෙ සිත් අහසේ...//
මහ වැස්ස වගේ...
රණ හංසි වගේ,
රණ හංසි වගේ පිහිනාපන් මගෙ සිත් දියඹේ....
නිල් නෙලුම වගේ සුවද වෙයන් පිවිතුරු මගෙ හද දිවි මඩලේ....//
මහ වැස්ස වගේ....//
-තකා