Sunday, August 30, 2026
Follow Us
දොස් නම් නගන්නට බෑ

රිදුම් උහුලන් සෑම රැයකම,
මතක එකිනෙක ඇහිලුවා,

හරිම පුදුමයි දන්නවාද නුඹ,
මගේ හිත නුබෙ වැරදි වැහුවා...
කියා ගන්නට බැරි රිදුම් මැද,
හිතත් එක්කම මාත් ගැටුනා,
ගියෙත් නුබ මට ද්‍රෝහි වීලා,
සිතත් හොදටම දැනන් උන්නා...
මොනවා දැනගෙන හිටියමුත් සිත,
ඉඩක් නම් නෑ මෙමට කිසිදා,
නුබට දොස් නම් නගන්නට බෑ,
මගෙ සිතත් මට අයිති නැතිවා

-Nisades kavi