Tuesday, January 13, 2026
Follow Us
තවම මගේ සිත

වේදනා නම් දහසකුත් ඇත
හිතේ හරි මැද හිරවෙලා
නුඹට ආදරය කෙරුවේ
මගෙ සිතින් මම පේ වෙලා

සිතින් නුඹ මා යා කෙරුනමුත්
සිත මගේ අවතැන් වෙලා
නොකියනු බොරු වදන් නුඹ මට
මගේ සිත දැන් පෑරිලා...
පැතුව මුත් මම නිමල ප්‍රේමය
නුඹේ සිත වෙත යා වෙලා
ප්‍රේමයම ඉල්ලන මගේ සිත නුඹ
කියවන්න අසමත් උනා
යන්න ඇවැසි නම් නතර නොකරමි
යන්න නුඹ දැන් වෙන්වෙලා
නුඹ දුන්නු වංචනික ප්‍රේමයෙන්
තවම මගෙ සිත මත්වෙලා..

ශ්‍රීමා ඉඳුනිල්