Tuesday, January 13, 2026
Follow Us
සිවු රියනක යටවුණු මවු සෙනෙහස

එදා වගේ ගෙන උකුලේ හිඳුවා නැළවිලි කවි කියනට අම්මේ
එන දින ගැන ගැන මා මග බලනා
නාවේ ඇයි තාමත් අම්මේ


ඊයෙත් සිහිනෙන් නුඹෙ රුව දුටුවා පැන්නා මම උකුලට පිම්මේ
සිහිනෙන් විතරද නුඹේ තුරුළ මට නුඹ නැති මට පාලුයි අම්මේ

ඇගිලි තුඩින් පිස නෙත ඉනු කඳුලැල් වෙනදා මෙන් කම්මුල් සිඹලා
අදත් ඇවිත් මා නළවන තෙක් මම හිඳිමි මවුනි පෙර මග බලලා
ඇස් යට තිබු නුඹෙ සෙනෙහස ගෙනිහින් සොහොන් බිමේ පස් යට දමලා
අප්පච්චී ඇවිදින් ඉකිබින්දා නොම තේරෙයි ඒ ඇයි කියලා

අම්මා නැති මවු කියමින් කම්මුල් සිඹිමින් අත්තම්මා හැඬුවා
අප්පච්චී ඊයෙත් රෑ මැදියම ඉකිගසනා හැටි මම දුටුවා
නිදි යහනේ මම වෙනදා විඳිනා නුඹෙ සෙනෙහස් උණුසුම සෙවුවා
නුඹ ලඟ නැති දුක දරන්න මට බෑ නුඹ කවදා එනුදැයි ඇසුවා

-Rahubadda Ariyawansa