Tuesday, January 13, 2026
Follow Us
සසරේ සැමදා
රෝස කම්මුල් මතට හාදුව දෙන්න හැකිනම් ලංවෙලා
ආඩම්බරෙන් බලන නෙතු යුග ඔහේ යාවී පියවිලා
රෝස තොල් පෙති දක්කිද්දී හිත මදක්වත් නෑ සැනසිලා
හදේ දොරඟුලු හැරදමනු මැන දෙතොල් සිනහා නංවලා.......
හැඩට ගතරැඳි සේද සළු පිළි මවයි සුරලියකගේ හැඩේ
කඩා හැලෙනා වරල දිස්නය නිසා රූපය ඔප වැඩේ
රුවට සරිලන ගමන ඇති නුඹ දකින විට සෙනෙහස වැඩේ
මදක් නැවතී සවන පිනවා යන්න අවදිකර ඔබෙ හඬේ.................
දෙව්ලොවින් බට දෙව්ලියයි නුඹ මගේ හදවත නලවනා
රෝස කුමරිය ලෙසින් දිස්වෙන නුඹයි මා නෙතු සනසනා
මියුරු ගී පද සෙමින් මුමුණා මගේ සවනත පිනවනා
පතමු පැතුමක් එකම හදකින් සසරේ සැමදා එක්වෙනා .................
 

-තාරුන්‍යා පතිරගේ