Tuesday, January 13, 2026
Follow Us
පුතේ නුඹ මගෙ ප්‍රාණයයි
මල් පෙති මතින් දුර ඈතට ඇවිදින්න ...
රංකැටි පුතේ මට තනි නෑ , පියඹන්න ...
සතුටින් සාමයෙන් ලෝකය ජයගන්න ...
හේතුව වෙන්න මට හිනැහී මියයන්න ...
කුස ආ දිනේ සිට මට දුන්හැටි සතුට ...
කිරි සිහිනයේ මම පෙම් බැන්දා පුතුට ...
ඇවිදින විටදි මගෙ පණ වැටි වැටි නැගිට ...
කිරුළක් වුනේ නුඹ , නුඹ විතරයි අපිට ...
ලැබිලා පියාපත් පියඹන විට ඈත ...
හිතුවා තියාගන්නට නුඹ ළඟ පාත ...
ගිලිහී මගේ ඇකයෙන් දැනිලා සීත ...
ඇහුණා මුමුණනා හඬ නුපුරුදු ගීත ...
අපෙ ජීවිතය සතුටින් පුරවා ලන්න ...
නුඹ දුන් කෝටියක් හසරැලි සිහිවෙන්න ...
නුඹ නුබෙ සිහිනයේ සතුටින් රජ වෙන්න ...
තරහක් නෑ පුතේ ඉඳහිටවත් එන්න ...
... පුතේ නුඹ මගෙ ප්රාණයයි