Friday, October 16, 2026
Follow Us
සමාවෙයන්
සමාවෙයන් මට උඹේ දයාබර.......
ලෙංගතු කම නොදැනුනා නොවේ......
හිතේ දඩබ්බර ඇට්ටර ගති තුල.......
ලතෙත් සෙනේ හැංගිලා තියේ.......
ලාභ පාංකඩ කුප්පි ලාම්පුව ගැහෙනා තාලෙට හිත ගැස්සුන දා.........
නිදි බර දෙනෙතට හාංකවිසියක් නිදි සුව අවැසිද අමතක වූ දා.......
ගතේ නුරා සිළු හිතේ ආල දලු පූදින්නට පෙර යකඩ අගුලු ලා...........
බඹසර රැකගෙන මුනිවත රැක්කා නුඹත් පියෙක් බව සිහියට නංවා.....