Friday, October 16, 2026
Follow Us
කසාදය
කසාදය යන නමින් ගෑනු හිත් සැනැස්සූ
ගෑනුන්ගෙ කදුලු වල මුල් පුරුක මිනිස්සු
කුලගෙයම මල ගෙයක් ලෙසින් හිත් පිලිස්සු
පන පිටින් ගෑනු හිත් අලු කෙරුවෙ මිනිස්සු .
.
මවුපියන් සොහොයුරන් අතැර දුර පළාතක
යන්න යනවා තබා අත්සනක් කොලේකට
විස්වාස කෙරුව ඒ එකම එක පිරිමි හිත
නොසිතෙන්න ඇති නුබට දේවියැයි කදුලු කැට
නොවිදිනා දුක් නේක කදුලු සයුරක ගිලී
මැරි මැරී ඉපදුනා ඒ සිතේ සිතුවිලී
මරන්නට බැරි කමට මිනිහ වූ ගුටි දිදී
වැරදි නොකෙරුව ගෑනු තනි උනා සසරෙදී.
cs..thusith...