Tuesday, January 13, 2026
Follow Us
සිත සනසාලන දිව ඔසුව
සිත සනසාලන දිව ඔසුව
ආදරය.......

 

සිහිනයට පාට ගෙන
නෙතු නිලුපුල්
නිබඳ මුවේ පිරි හසරැල්
දුටුවනම බැඳුනේ හදවතින්
පිරිලා හද ආදරයෙන්
ඒ දයාදර ඔබ වෙනුවෙන්....
සනසාලන සිත
හඬවාවී කියා දිනක
නොසිතමි මං
හදවතින්ම ආදරේ නම්
කිසිදිනක හිතකට
රිදුම් දෙන්නට
නොහැකි බව දනිමි මං
දන්නවාද ඔබ ආදරෙයි
ඔබට මං.............
මිහිරි දෑසට නැඟෙන
මේ කඳුළු
රිදුමක් නොවේ
සියල්ල ඉවසමි
මම නිරතුරු
රැදෙන්නම් ඉතිං
ඔබ වෙනුවෙන් මා
මියෙනා තුරු
ජීවිතය කවදාා අවසන්වූවත්
මම ඔබේම වී
උපදින්නම්
සසර සැරිසරනා තුරු