Tuesday, January 13, 2026
Follow Us
විදින වේදනා

විදන විදවන වේදනා මට
නුහුරු නොම වේ ජීවිතේ

දාරාගන ඔබ ඉදිරියේ මම සිනා වෙමි
මතු ඔබ හමු වන දිනේ
නිහඩ බව මගේ ඔබට සැමදා
සතුට ගෙන දෙන බව හැගේ
නමුදු රන්කද ඔබ නැතිව මට
පාලු සොහොනකි ජීවිතේ
හිතේ තිබුනෙම වෙන්න අරලියා
මලක් තනි නොකරනා මරනෙදිත්
ඇයි කලේ නුබ හතුරුකම් මට
දරා ගනු බැරි හදවතින්..
කොහොම රිදුනත් දරාගමි මම
ඔබට තියනා සෙනෙහසින්
නපුරු ඔය ඇස් වලට තාමත්
ආදරෙයි මම රත්තරන්

✍️ හෂි මදුරප්පෙරුම