Sunday, March 01, 2026
Follow Us
දුන්නු පෙම මා ගාව
ළං වෙලා නුඹ මගේ ළඟින්
උන්නු කාලය සිහිවෙලා හොරෙන්
හඬන නෙතු පියන් නුඹ නමින්
හැඟනවාද දෝර ගලනා පෙම එදා තරම්
අහිමි සෙනහසේ සිත තව තවත් පැටලෙමින්
නුඹ ගැන තතු සොයමි ලොවටම හොරෙන්
පුරුදු පාරෙම නුපුරුදු ලෙස අප හමු වුනොතින්
පුද කළ මැනවි පෙරදා ආස කළ නුඹේ ඒ හසකැන්
දැණුන නිසා හුරු පුරුදුකම් නුඹ
ළඟින්
බැඳුනා මිදෙන්නට බැරි ලෙස ඔය හිතට තදින්
අහිමි වුනත් අයිතිය නුඹ ගැන කියනටද වරම්
දුන්න පෙම මා ගාව සුරැකිව ඇත නුඹ නමින්
 

-රෝෂා සමරකෝන් ..