Tuesday, January 13, 2026
Follow Us
දෝණිගෙ බර කඳුළු

තාත්තා කිව්වාට අම්ම සුර අඟනක්
පිළිගන්නෙ නෑ තවම ස්කෝලෙ කවුරුත්


තරු වලින් සරසාපු මිසක් දෙව් භවනක්
දෙව්දුවට මොකකටද පිටිපස්සෙ සොහොනක්..
සුදු ගවුම සුදු නෙවෙයි ඇතැම් දා වෙනව නිල්
විලුඹ හෙළුවෙන් තියන මේස් දෙකෙ තඩිම හිල්
නටු වැරෙන් දරාගෙන සිපගද්දි උන්ගෙ මල්
ඊට පහළින් හුඟක් ඉඳිමි පැළයක්ව වල්...
මේ තරම් ගංවතුර ඇතත් ඇස් පැත්තේ
තාත්තේ ඇයි තාම කතාවක් නැත්තේ
පොටෝ එක තාත්තගෙ මං අතට ගත්තේ
එල්ලන්න මෙන්න මේ මල් මාලෙ මැද්දේ...
පසුවදන:-
ලොකු දුකක් ඇතිවීම එක්වරයි කිව්වත්
සුහද හමුවිය හැකියි පිට පිටම දෙවරක්.


- නි දු කි  ගමගේ