Tuesday, January 13, 2026
Follow Us
පියඹන්නෙ කෙලෙස මම

දිවි ගෙවූ මුල් වියේ අපි සිටියෙ හිනැහිලා
කාලයද අපි දෙදෙන අපෙ නමින් වෙන්කලා


ඇමතුමක දැවටෙමින් මැවූ ඒ පෙම්කතා
ලෝකයෙන් සඟවලා රහසින්ම පෙම්කලා....

ප්‍රේමයේ නාමයෙන් ලියු සොඳුරු පෙම් කතා
හිනැහෙන්න මතකයට අරුත් තව එක් කලා
රිදෙන විට වේදනා දහක් එක්තැන් වෙලා
නුඹෙ සොඳුරු වදන් වැල් මාව සුවපත් කලා ...

පස් වසක් අපි විඳපු සෙනෙහසට තිත තියා
නුඹව අත්හරින්නට පියතුමා අණකලා

Deesha