Tuesday, January 13, 2026
Follow Us
උපත ළඟ මියදුනේ
උපත ළඟ මියදුනේ අම්මාගේ සෙනෙහසයි
මව මරා උපන්නෙක් වුනේ මන් ඒ නිසයි
හය හතර නොදත් මා සමකලේ කරුමෙටයි
අම්මෙ මන් හැමදාම මරණයේ සැකකරුයි
තාත්තා ආදරේ මහගොඩක් කෙරුවැතී
අම්මාව නැති කරපු මන් එපා වෙන්නැතී
නිවාසෙට මේ මාව ගිහිල්ලා දෙන්නැතී
මව් පියන් නැති තැනක් මට උරුමෙ වෙන්නැතී
කොයි කාගෙ හිත් වලත් මන් කෙරේ වැරැද්දක්
මා කෙරේ බලන ඇස් පෙන්නුවේ අමුත්තක්
හැමදාම හැමෝගෙම හිත් අස්සෙ කතාවක්
අම්මාව නැති කරන් ඉපදීම ලොකු දුකක්
අම්මෙ මන් එක දෙයක් ඉල්ලුවොත් දෙනවාද
එකවරක් නැගිටලා මා වෙතට එනවාද
වැරැද්දක් නොකරාපු බව ටිකක් කියනවද
අම්මාගේ පොඩි එකී තනිවෙලා පේනවද
-සාවි-