Wednesday, July 15, 2026
Follow Us
මහ මුහුද වගේ...
ජීවිතෙත් හරියට
මහ මුහුද වගේ..
හිතාගන්න අමාරුයි..
එක වෙලාවකට,
“හුම්” සද්දයක් නෑ..
තවත් වෙලාවක,
පාඩුවෙ ඔහේ
වෙරළට
එනවා.. යනවා...
හැබැයි..
තවත් වෙලාවක,
බලන්න බයයි..
ජීවිතය එහෙමයි..
නිසොල්මනෙත්
සැඩ පහරෙත්
ගිලෙන්න
අපි පුරුදු වෙන්න ඕන..
එතකොට යි
දිනන්න පුළුවන්...
- යෙෂ් -