Tuesday, January 13, 2026
Follow Us
වාසනාවන්ත රාත්‍රිය

එදා අද වගේ දවසක..
මතකයි තවමත්.. මුහුදේ රළ හඩ..


පැරදුනා නුඹෙ කටහඩට …
සද එලිය ඇති රැයක..උණුසුම් සුසුම් පා කලා අපි දෙන්නම…
හිත නිවන භාවනාවක්..ඔබේ සොදුරු උවන..

මෙතැයි කිව නොහැකි ඒ ආදරය..දැනුනා පලවෙනි පාරට..කිසිදා නොදැනුනු ඒ හැගුම..
එයයි ආදරය..

මතක් වුනා ඒ වදන..දෙයක් අහිමි වෙන්නේ ඊට වඩා හොදම දේ ජීවිතේට ලැබෙන්න..තේරුනා මා පලවෙනි වතාවට ආදරය කරන බව..

නොදනී නුඹද හිමිවෙයි කියා කෙදින හෝ…නමුත් විශ්වාසයි..මේ හිතුවක්කාරි නපුරට ගොඩක් ආදරෙයි..

අපි අපිට හිමිවෙලා..මෙයයි සද එලිය ඇති වාසනාවන්ත රාත්‍රිය..