Friday, October 16, 2026
Follow Us
නොහිමි සෙනෙහස

යළිත් යනු බැරි ගියොත් එනු බැරි

අතීතෙක සුවදත් අරන්


තවම උණුසුම් පෙමක සිතුවම්
මතු කළා හිතටත් හොරෙන්

ආදරය සින්නක්කර අරන්
නොරද නුඹ අද පැන ගොසින්
නොබිදෙනා මිලැති මුතු පොටින්
සිඹිනවා කොපුල නෙතු හොරෙන්

කරන නොවෙනස් රැස් රුවන්
කෙනෙකු ලොව නැත නුඹ සොයන්

Vosandi Dissanayake