Tuesday, January 13, 2026
Follow Us
හඩන හදවත

උනු වුනා සිත මගේ නුබ ගැන ඉනූ මිහිරැති ප්‍රේමයෙන්

ගොලු වුනා නෙක වචන මුව මැද දුටුව නුබගේ රූපයෙන්
ගිලිහුනා අපි පැතුව පැතුමන් රැයේ නිදි නැති හීනයෙන්
ඉගිලුනා නුබ රැගෙන දිවියම බැදුනු සෙනෙහේ නාමයෙන්...
සදට පබැදිව කවි ලියු ඒ මිහිරි රසතැන් සේදුනා
ගොතපු පදවැල් නුබේ නාමෙන් හමන සුලගේ පාවුනා
බැදුනු දා සිට දෙනෙත් පැටලී සත්තමයි මම පෙම් කලා
මාත් මගෙ හිත අරන් යන්නම් ආයේ නොඑනට වෙන් වෙලා...
අයිති නැති පෙම් දෑස කුමටද මහද මැද ගෙත්තම් කරන්
හඩන මතකෙට නිමාවක් ගෙන දෙන්න අවැසි හිත හදන්
තනිවෙච්ච අපෙ හැගුම් ඉකිබිද ගතු කියූවට මට රවන්
දුරින් ඉමු අපි අපෙ කතාවට නිමාවක් අද එක් කරන්.