Thursday, April 18, 2024
Follow Us
සැහැල්ලු පොත් අස්සේ මුනගැහෙන බර කවි... ❤️

_____________________________________________
ආයේ ඉපදී වරෙන් ළඟටම
හුඟක් උන් කියනවා ඇහුනා...


පෙලක් උන්නම් නිවන් සුව බන්
කියලා කියනවා වාගේ ඇහුනා...
පෙට්ටියට කර තියපු උන් ටික
දැකලා මිනියෙත් පපුව ගැහුනා...
හන්දියේ කුඩු කාරයොයි කියු
උන්ගෙ කරපිට මිනිය තිවුනා...
ළගින් හිටි මගෙ ගොඩක් කට්ටිය
මිනිය බලලා හෙමින් හැරුණා...
තවත් සමහරු සොහොන ගාවට
ඇවිත් මඟකදි වගේ හැරුණා...
හිතේ කොහෙවත් හිටපු නැති උන්
මිනිය ගාවම තනිව රැඳුණා...
අනේ බන් මම සොහොන ගාවදි
දෙවනි පාරට ආයෙ මැරුණා...
______________________________________________
මතක බණ කාව්‍ය සංග්‍රහය | අශාන් රවිශාද්