Tuesday, January 13, 2026
Follow Us
මං ඒ සංස්කෘතික අම්මා නොවෙමි....

මාගේ දරු දෙන්නාටම කියමි
මං ඒ සංස්කෘතික අම්මා නොවෙමි....


දිනක නුඹ දෙදෙනාට මේ සියල්ල වටහා දෙමි..
ඉරට කලියෙන් ඇහැ අරින අම්මා කෙනෙකු නොවෙමි
ලොකුම කොටසක් නුඹට දි බඩගිනි නැතැයි නොකියමි
සියලු සතුටම නුඹ නමින් කිසිදාක කැප නොකරමි
ජිව්තය යනු දුකකැයි කිසිදාක නොකියමි
ඇට මස් ලේ නහරින් සැදුණු සාමාන්‍ය කෙනෙකු බව මම නුඹට කියා දෙමි
මතු බුදුවේවා පැතුම් උවමනාවක් නැතැයි දන්වමි
ස්වල්පයක් ඇති තැනද බෙදා ගන්නට හැකියි තේරුම් කරමි
ජිව්තය යනු දුක සතුට දෙකම ඇති නවාතැන්පොළක් බව පෙන්වා දෙමි
දිනක මගේ බර නුඹේ උරමත නොතියමි
කොදෙව්වෙන් පිට ලෝකයක් ඇතැයි කියා දෙමි
පියාපත් සවි වන තුරාවට පසුපසින් රැදෙමි
ඉගිලි යන දා කැදැල්ලෙන් එපිට සුබපැතුම් දිගු කරමි
නුඹව හිමි නුඹට බව හැමදාම සිහිකරමි
ආදරය යනු එයයි මම නුඹට කියා දෙමි...........
??
Copied
Credits to the original writer Nilusha Dilani Botheju