Thursday, April 25, 2024
Follow Us
එක් විවාහපත් වූ කාන්තාවක් තමන්ගෙ ස්වාමිපුරුෂයාගේ අනියම් බිරිඳ වෙත ලියුමක් ලිවුවාලූ

ඒ ලියුමෙ තිබුණෙ මෙන්න මෙහෙම කතාවක්,,,,,,,,,,??
කියවන්න.............?


අහම්බෙන් මුණගැසුණු මුත් අප ආත්මෙන් බැඳුණා වගේ
පෙමින් වෙළුණා දිනෙන් දින ළංවී සොඳින් කාලය දිගේ
ඔහුට මාව ද මටත් ඔහුව ද නැතුව බැරි තරමට අගේ
දින සති මාස ගෙවී ගොස් අවුරුදුම හතරකි ගත වුණේ
කාලයත් ප්‍රේමයත් අතරට වී තුරුළු වී ආදරෙන්
රැක්කා නිතරම මාව පිළිගත්තේම ඔහු හරි සාදරෙන්
එක වහලකට එන්න අපි දින ගැන්නා ඒ පෙම නාමයෙන්
මව් පියන්ගේ අසිරි සිරි මැද දෑඟිලිත් බැඳුණා සොඳින්
පතිනියක වී ඔහුගෙ නාමෙන් පෙරුම් පුරලා කාලයක්
හිතුනේම මට ඒ දවස්වල මේ සංසාර ආලයක්
දැමුවෙ ඒකයි ඔහු නමින් පෝරුවේ නැඟ සත් මාලයක්
නුඹෙයි ඔහුගෙ යි නම් එකතු වී පැතිර යයි දැන් රාවයක්
රැකියාව මට සම්පතක් වුව මුත් එදා ඔහුගේ වදන්
හින්දමයි අතහැරලා ආවේ නොහිතාම අහිතක් හිතින්
"පුරප්පාඩුව සපුරලන්නට කෙනෙක් ආවා" කී නමුත්
හිතුවෙ නැහැ නුඹ අයදුම් කළේ මගෙ හිමිගෙ අයිතිය වගක්
වෙනස්කම් මයි එදා සිට මේ නිවස තුළ මට නංගියේ
මගේ ප්‍රේමය නුඹේ රූපය තුළම මගෙ හිමි හැංගුවේ
හිත රිදුණ මුත් දන්න බව හැමදේම මං නැහැ පෙන්නුවේ
ඒත් අද මගෙ ඇස් දැක්ක දේ මුළු ආත්මෙම හෙල්ලුවේ
තුරුළු වී පියමැන්නෙ දළදා වීදියේ හිමි හා මමයි
නමුත් කාලය වෙනස් වී අද මගේ ඒ තැන නුඹ හිඳියි
තරහාගෙන රණ්ඩු වී එල්ලී පලක් නැහැ මං එය දනියි
ගැහැණියක ලෙස බලාපන් බං බඩට දැන් මගෙ මාසයයි
මගෙ හුස්ම ටික ගැහෙන්නේ මගෙ හිමි නමින්මයි නංගියේ
සැමියගෙ සෙනේ අවැසිමලු දොස්තර කිවුවා මේ සංධියේ
ගැහෙන්නේ ලේ කැටිය කුස තුළ ඔහුගෙනුයි සත්තයි අනේ
මගේ හිමි මට නැවත දී යනවද වඳින්නම් නංගියේ............
✍️- *_chathusi_* -