Friday, October 16, 2026
Follow Us
නැළවෙන්න හෙමි හෙමින්

නැළවෙන්න හෙමි හෙමින්
සුව යහන මත ළයේ.......
තාත්තගෙ ගී අසා
නිදියන්න පුතු මගේ.......


හද හාමි කිරි පැණිත්
අරන් ඇවිදින් වගේ.......
එබි එබී මගෙ පුතුට
අත වනනවා පෙනේ........
අර ඉන්න හා පැටියා
මගෙ පුංචි පුතු වගේ.......
මේ වගෙලු නැළවෙන්නෙ
හඳ මාමගේ අතේ...........
✍️....Koshi.....