Tuesday, April 23, 2024
Follow Us
ඔලු ගෙඩිය අස්සෙ තියන පීඩනය

ඔලු ගෙඩිය අස්සෙ තියන පීඩනය
ගෙදර මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ
අපි කන කට්ට අපි දරාගන්න තරම
අපි වටේ ඉන්න උන්ට තේරෙන්නෙ නෑ


ඒ හැමදේම දරාගෙනත් අපි වටේ උන්ගෙ
හිනාව පරිස්සං කරන්න කන කට්ට උන් හීනෙන් වත් හිතන්නෙ නෑ.උන්ට හිතෙන්නෙත් නෑ
උඹ කන කට්ට දන්නෙ උඹ
උඹ ඒව දරාගන්න හැටි දන්නෙ උඹ
අසරන උනාම පැත්තකට වෙලා ගොඩයන හැටි හිතන්නෙ උඹ.ඒ හැම දේමත් ඔලුවෙ තියාගෙන හිනාවෙන්න ට්‍රයි කරන්නෙත් උඹ
උඹ තරම් කවුරුවත් උඹට ආදරේ නෑ
උඹ තරම් කාටවත් උඹට කරන්න බෑ
උඹ තරම් කවුරුවත් උඹ පරිස්සං කරන්නෑ.උඹට තරම් කාටවත් උඹව වටින්නෑ
මතක තියාගනිං පොඩි තැන ඉඳන් ඉපදිල ජීවිතේ ට මූන දෙන්න වෙන එක උඹට මට ජීවිතේ දුන්න තෑග්ගක්.මේ ලෝකෙ මිනිස්සු කතා කරන්නෙ කට්ට කාල ගොඩ ගිය එවුන් ගැන.මේ මිනිස්සු වටිනාකමක් දෙන්නෙ පීඩනය දරාගෙන ඉස්සරහට ගිය මිනිස්සු ගැන
ඔලුව අස්සෙ හිත අස්සෙ තියන කුණු ගොඩවල් අයින් කරල දාල,අනවශ්‍ය උඹව පස්සට අදින බැඳීම් වලින් අයින් වෙලා තව ටිකක් බර සැහැල්ලු කරගෙන උඹ ඉස්සරහට පලයං
හෙට උදේ නැගිටිද්දි මහමේරුව ඔලුවට කඩාගෙන වැටිල තිබ්බත් ඌ එක්කත් කයියක් දාල තේ එකක් ඌටත් අරං දීල
වැඩ පටං ගනිං
@ලසා පිටුවෙන් ✍️