Sunday, March 01, 2026
Follow Us
දේවතාවිය මිහිතලේ

උපන්නේ නැතුවාට කුසයේ
නෑ කිසිම අඩුවක් කලේ
තුරුලේ උණුහුම දිදී නලවා
නිදි සුවේ සැදු උර තලේ


පරිස්සමටම තියා සුවඳින්
පැලකරන් නුඹේ හිත් විලේ
සෙත් පිරිත් කියුවේ රකින්නයි
ආත්තම්මා හැම වෙලේ
වැටි වැටී නැගිටින්න හදනා
ජීවිතේ ළඟ රැකවලේ
දැල්වෙනා රන් පහන් එළියයි
සදා නොනිවෙන බුදු පැලේ
ආදරේ හින්දාම මතුරන
අසිරි දෙන පැතුමක බලේ
ආත්‍තම්මා තමයි සොඳුරුම
දේවතාවිය මිහිතලේ
? : අන්තර්ජාලයෙන්.
- මාලිකා මිස්කින් -