Monday, January 12, 2026
Follow Us
අදවත් යන්න හම්බෙයිද

ඉගෙන ගන්නට නැත කිසිත් කාලයක් අපට
තෙල් නැති තාත්තා සල්ලි උපයන්නේ කෝම
නංගියි මමයි තල්ලු කලේ පෝලිම ලගට
අදවත් යන්න හම්බෙයිද අපට රෑ බතට

ගෑස් පෝලිමෙි ඉන්නෙ අපෙ අම්මා
උදේ කහට එකත් බොන්න සීනිත් නැතුවා
බේත් නැතිව ආච්චිටත් අසනීප වුනා
හමුදා මාමිලා නොදකින්නේද අප විදින දුකා

වැස්සට තෙමිලා පෝලිමෙ හිටි හින්දා ඊයේ
මල්ලිත් කහිනවා පිරිටන්වත් නෑ ෆාමසියේ
අරගලයට කෑගැහුවට ලොකු අයිය පොලිසියේ
කවදද අපි එකතුවී මුං පටවන්නෙ මුරුසියේ

පොත් ටික ගන්න බෑ ගිනි ගනන් ගිහින්
ලාම්පුවට තෙල් නෑ පාඩම නවතා නිදාගනින්
අම්මා කිව්වෙ අහිතකට නෙවෙි හරිම දුකින්
කම්පා වෙනවා දියවන්නා උන්ගෙ නමින්

නදීෂ නිර්මාණ හේරත්