Monday, January 12, 2026
Follow Us
ඇස් පිය

ඇස් පිය එක සැරෙන්
වැරෙන් වැරෙන්
ගැහෙද්දිම
හිතුවාද හදවතට
ගැහෙන්නට හුස්ම
දුන්නෙ කවුරු ද.....


තත්සරක් වැයෙද්දිම
අප්සාරවන් එයිද
නැටුමකට
නෙත් වසන මායාව
කල්පයක් පුරවන්න....
හුරුවන්න දිවිගෙවන්න
ප්‍රේමාකර්ශනයේ එක් දිගන්තයක්
වෙන්න
එවිට හැකිවේවි
සොව ගෙන දෙන තැන
මඟහැර
දිවිගෙවන්න....
නදීෂ නිර්මාණ හේරත්