Monday, January 12, 2026
Follow Us
උඹව මට කවි කන්දරාවක්.. .

පපුව හිරිවැටෙන නහර ගුලිගැහෙන
උඹෙ සුසුම් මට භාවනාවක්.. ..


සතුට පොදිගැහෙන කඳුළු කැටිගැහෙන
උඹෙ හුස්ම මට වාසනාවක්.. ..
තනිය දුරදුවන හිතම කිතිකවන
උඹෙ හිනා මට ගායනාවක්.. ..
ජීවිතය පණගැහෙන ආදරය ගැන ලියූ,
උඹව මට කවි කන්දරාවක්.. ..
Sometimes your worst enemy is your own memory. Let it go… ..

Indika Perera