Friday, May 17, 2024
Follow Us
දරු දුක

දරු දුක ඇත්තේ සෙනෙහස පිස එන සුළඟ දනී
මග යන අයගේ මුහුණු ම දෙසට හැරී
අපි නොහිතන්නෙ කෝමද අපි ගැන දුවනී
සිරිබර සද්දේ අස්සේ දුවනි හොදට නිදී

කිති කැවෙනවා යන්නට ඇති ගමන දැන
ප්‍රිය බිරිඳ වියෝ විය ගෙට පැන විෂ සර්ප
රස සොයනා වුන් නැතිවුනද මෙමගෙ ජීවිතය
උත්තමාවියක් කරනව මම ඔබ මතු දවස

කන්දෙක පුරාවට නොඇසෙන්න හෝන් හඩ
පුළුන් කෑලි දෙක දැන් දුර්වර්ණයි දුව අද
විසල් සිතක් අග ගැස්සෙන පිරිමි හිත
කියනවා මට තනියෙන්ම රැකගන් නුඔව

අතේ පිච්චෙ නැතිවුණ හින්දා මෙි රස්සාව
කිරිපිටි ගන්න හොයන්න ඕනා වැඩිපුර අදම
ඉන්න හිටින්න තැනක් තිබුන හින්දා මට
තෙමෙනට අව්ව හෝ නොදෙමි හැමදාම ඔබව

පෙරදා ගියා මුදලාලිව හමුවී මුදලක් ගන්ට
හිතුවෙ ඔබව නවතන්නට ඩෙි කෙයා මම
හිතකින් නෙවෙි දුවනී ලොකු මුදල් හොයනට
බඩ බැඳගෙන යද්දි පරෙස්සම් වෙන්නෙ කෝමද

සල්ලි අරන් උඔ ගෙවන්නේ පනමෙන්ද මට
සේදර මුදලාලි දැම්මා රැස්පොට් ඉහටත් උඩට
පින්සිදුවෙන්න දියණී ගැන හිතලා පොඩියකට
කැමති නැද්ද ජොඩුවකට දෙන්න ඔය සිඟිති දුව

ඇහුවෙ හිතකින්ද සේදර ඒ මොහොත
උන්දා දන්නෙ නෑ පියෙකුගෙ සෙනේ හෙම
හැරිලා මම කිව්වෙ කමක් නෑ මුදලාලි නුඔ
පව් කලේ මම විතරයි ඈ දවසකවෙයි රාජ රාණී

නදීෂ නිර්මාණ හේරත්