Friday, January 09, 2026
Follow Us
ප්‍රේමකීර්ති නැවත කියවමු

ශ්වේත ළා සද කිරණ සැතපුන සිගිරි ගල් පපු තලාව
මුවා කර අඩ අදුර පුබුදා පාව විත් මුදු
වළාව


සරාගී පෙති තඹර ඇතිරූ පොකුණු මනිමේකලාව
ලිහා දමනට හිතයි මැණිකේ මේ තමයි ඒ වෙලාව....
ස්වප්න කදු තුඩු පුන් පයෝධර මතට අතුරා නුරාව
නග්න මීදුම් කුමර බඹසර සිදින යුරු කින්නරාව
ස්වප්න ඇහැරෙන අදුර දොරකඩ එලා ඇත කඩතුරාව
මත්ව යන්නට කුමට මීවිත සොඳුර නුඹමය සුරාව.....
සයුර වෙරළට ලිහා විසිකර සුමුදු පෙණ ඈ ගෙනාව
කිමිද මතු වේ, එවිට උපදී රැළි බිදෙන මෘදු හිනාව
සීත මදනල ලදළු නලවා බිදින්නට භාවනාව
පහන්සිළුවත් ඇස් වසාගෙන නිවෙන්නයි කල්පනාව.....
මලක මල්කෙමි තුඩින් කලතා බිදින්නට අම ගුලාව
විහිද සියපෙති උන්ට ඉඩ දේ බිදින්නට හුදකලාව
රිදී තරු එළි ගිලී ඇස් මත සරාගී වැව් තලාව
බිදෙන් බිද මම වැළද ගන්නෙමි මේ තමයි ඒ වෙලාව....
~ කවි පද- සම්පත් කුරුප්පුආරච්චි~