Wednesday, May 07, 2025
Follow Us
සංගීත මිස්ගේ දූ .........

අපි තුනේ පංතියට පාස්
ඒ කාලෙත් අපිට හරියට ක්ලාස් ..
ගැම්මෙන්ය හිටියේ මිතුර සුවිටර්
මං එදා පන්තියේ තාවකාලික මොනිටර්
සද්දයක් දාලා සංගීත මිස්ගේ දුවට
අඬ වලා එයා මම ඒ ටිකට ......


මිස් ඇවිත් මම ලඟට
( අනේ ඇස් දෙකට ඒ නිකට )
පව් පුතේ එහෙම කරන එක හොඳද ........
( මම කැමති නෑ එයා අඬන වට )
එදා මං දැකපු ඒ කඳුළු
පෙන්නුවා මට වෙනත් තැන්වල කවුළු .....
වටේටම කළුවර කඳු වළලු ........
දැන් ඉතින් '' මැරියන් '' මට හුඟක් දුරලු ....
'' ශර්වුඩේ '' ගිණි මකරු -
වලාමයි '' හර්න් '' විතරමයි - අත ඉතුරු ..
සංගීත මිස්ගේ පොඩි දුවළු !!!
යකෝ තොට පිස්සුද ......
අහනවා වටකරන් යහළු ............
මමනේ දැනුත් මොනිටර් !!
නැහැ බන් උඹත් චාටර් ...
දන්නවද සිස්ටර්
ලේසි වෙන් නැහැ උඹට මිස්ටර් .......
----------------
ඇගේ ඇස්වල කඳුළු නැන්ගුව ..........
තුනේ පංතිය තමයි පංතිය ..........
ප්‍රේමයේ පොඩි කළල හැංගුව
ගඟක් හෙමිහිට ගනියි වංගුව ...........
-----------
සහන්

sahan