Saturday, February 28, 2026
Follow Us
'' පරිස්සමින් ..'' ඇය ලියා එව්වා ...

එතැන්සිට
දශකයක් පැරණි
ලවා තට්ටුවලට ඉහලින්
සීත හිම පියලි වැටුනා ...


ධ්‍රැවවල අයිස් කැටවල
හිරු නොදුටු තැන්වල
දියවන ලකුණු පෙනුනා ..
රතු රුධිර සෛලවල
හිමොග්ලොබින් ඇවිදින්
තව ඔක්සිජන් නැතිමදැයි
ඇසුවා ............
ගැහැණු ඇස කඳුලක්
ඇල්කොහොල් බඳුනක්
නැතුව බැහැ නේදැයි
ආයෙමත් හිතුනා ..........
පරිස්සමින් ....
ඒ වචන ඇත්තටම
වැදුනා ..............
----------------
සහන්

sahan