Saturday, January 03, 2026
Follow Us
ගමේ මන්ත්‍රී තුමණි කෙල්ලත් පාසැලේ නැටුමට ගියා

ගමේ මන්ත්‍රී තුමණි කෙල්ලත් පාසැලේ නැටුමට ගියා
කුසේ තැවරුණු නිසා රැවටිලි පිත කිපී වමනය කළා ..
කොත්තමල්ලී ගාන උස්සා ඉඟුරු තරහා වූ නිසා
තාලයට නැති පාද පැකිලී උත්සවේ කළුවර උනා .......


යක්ෂයන්ගේ අතේ රැඳුනම පිරිත් නූලත් ඉකි බිදී ..
උසාවියෙ සළු ලිහිල් වෙද්දී තරාදිය කඩු බිම නිදී
සිවුර එක එක පාට වැටිලා පන්සලත් දණ බිම අනී
මන්තරේ මදි මෙල්ල කෙරුමට කැලේ වල් අලි ගම් වදී ..


බුලත් දීලා කෝටු අත් පොඩි ඕන තැනකදී වැඳ වැටී
ලවුස් පීකර් සුසුම සිරවී දෙබල් කරුවක පණ අදී ..
ප්‍රින්සිපල් ලා මක්කරන්නද නාට්ටියේ පිටපත මදී
සිද්ධ පත්තිනි පිළිමෙ හැඬුවා කපුව මගහැර යන්නැතී ..
----------
සහන්

sahan