Saturday, May 04, 2024
Follow Us
කිරුළ බිම දමවු

කිරුළ බිම දමවු
කිරුළ බිම හෙළවු
රට ගින්නෙන් දැවෙනවා
කුස ගින්නෙන් මැරෙනවා
රජ මැතිදුන් සාද දමනවා
පැළදුව උන් කදුලු සළනවා
රජවරුණේ,,,,,,,,,,,,,


කිරුළ තොපි ගනිවු
අපට රට දියවු
කඩු මොකටද සිංහයින්ට
ගලවා ධජයේ අසිපත
කොඩිය රැගෙන එක මිටකට
සෙනෙහස උතුරා දෙරණට
සටන් වදිමු එක පොකුරට
කිරුල බිම දමවු
අපට රට දියවු
බිලි ගන්නට කැනහිලුන්ට
නොතබා දෙරණක හදවත
රැගෙන උණ්ඩ පපු තුරුළට
පණ දී මියැදෙන දෙරණට
සටන් වදිමු එක පොකුරට
කිරුළ බිම දමවු
අපට රට දියවු

Chintha Piyasena