Monday, February 09, 2026
Follow Us
මතකය වප්කඩක්

මතකය වප්කඩක්
ගලායන්නේ
හෙමින් කොහෙද ලැසි ගමනක්
හුස්මත් කදිම
බෙහෙතක්
ගිලන්වූ පිරිමි හිතකට එපා ලැතැවුලක්....


පෙරලිච්ච පිටු දෙකක්
එකක් ඉරි තැලී නැවී
තවෙකක්
කුරුටු ගෑ හිස්කමක් නැති
එකක්......
අඩවන් දොර පියන් සිසාරා
හීන් හුළඟක්
ගසාගෙන නොයන්නේවත්
නැද්ද සංවෙිදී පිරිමිකම
එකවතාවක්.....
නදීෂ නිර්මාණ හේරත්