Sunday, May 10, 2026
Follow Us
දැක්කා නුඔගේ මෝස්තරේ

දැක්කා නුඔගේ මෝස්තරේ
ගිය විට වැටහුනේ සාත්තරේ
තවරා මධුමල් පාලාස්කුවෙි
දුක් මොකටද බං
තනිගේමකි දැන් මට කලින් වගේ.....


සැප දුක හදවත
පැත්තකින් තිබ්බා මම
අණවින කොඩිවින කියල දෙයක් නැති බව
වැටහුව එක තමයි හොද
අද ඉන්නේ මං තනුව වයං ලෙස....

බරපතල හින්දා වැනසුනා
කියල උඔත් සැනසුනා
කලකිරිලා මිරිකීලා
හිතුවද නැතිවෙලා යයිම කියලා....

දැක්කා නුඔගේ මෝස්තරේ
ගිය විට වැටහුනේ සාත්තරේ
තවරා මධුමල් පාලාස්කුවෙි
දුක් මොකටද බං
තනිගේමකි දැන් මට කලින් වගේ.....

| නදීෂ නිර්මාණ හේරත්