Thursday, March 12, 2026
Follow Us
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්ලා නැහැ…ජනපති කාර්යාල හැඳුනුම්පත් පිට වැඩට බැහැ… රාජ්‍ය ගෞරවය රකින්න ගෝඨාභයගෙන් සුපිරි වැඩක්

රාජ්‍ය ලාංඡනය භාවිත කරමින් විවිධ අපචාර දූෂණ වංචා සිදුකිරීමට නොහැකි වන අයුරින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාර්යාල සියලු නිලධාරීන්ට නව නීතිරීති පැනවීමට තීරණය කර ඇත.

ජනාධිපති කාර්යාලයේ සේවය කරන ඉතා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පමණක් රාජ්‍ය ලාංඡනය සහිත ‘විසිටින් කාඩ්’ භාවිත කිරීමට අවස්ථාව හිමි වෙයි. ජනාධිපති කාර්යාලයේ හැඳුනුම්පත කිසිදු පෞද්ගලික කාර්යයක් සඳහා භාවිත කිරීමද තහනම් කර තිබේ.

විවිධ අපචාර, දූෂණ වංචා සිදුවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත. පසුගිය රජය සමයේ ජනාධිපති කාර්යාලයේ සිටි නිලධාරීන් හැඳුනුම්පත භාවිත කරමින් සිදු කළ දූෂණ, වංචා පිළිබඳ තොරතුරුද මේ වන විට අනාවරණය වෙමින් පවතියි.

තවද ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය සඳහා සම්බන්ධිකරණ ලේකම්වරුන් පත් නොකිරීමටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

(Lanka Leads)