අයහපත් කාලගුණයෙන් විපතට පත්ව සිටින පිරිස් වෙනුවෙන් සිදුකෙරෙන සහන කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරය සහ පොළොන්නරුව ප්‍රදේශවල අද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එම ප්‍රදේශවල දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරින් හමුවූ ජනාධිපතිවරයා සහන වැඩපිළිවෙළ විමර්ශනය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
අවතැන්වූ පිරිස් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩපිළිවෙළ කඩිනම්ව හා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා. සිදුව ඇති වගාහානි පිළිබඳව ද සොයාබලා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇත්තේ.
(Neth)