Tuesday, August 26, 2025
Follow Us
දි‍නපොත් කැලැන්ඩර්වලට රාජ්‍ය මුදල් වියදම් බෑ !

නව වසර සඳහා දිනපොත් සහ කැලැන්ඩර් මුද්‍රණය කිරීම සඳහා ඒකාබද්ධ අරමුදලේ හෝ වෙනත් කිසිදු අරමුදලක හෝ මුදල් උපයෝගී කර ගැනීම නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මේ බව සියලු රාජ්‍ය ආයතනය වෙත දැනුම් දී තිබෙනවා.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඊට අදාල චක්‍රලේඛය ආමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත දැනටමත් යවා ඇති බවයි වාර්තා වන්නේ.

අත්‍යවශ්‍ය නොවන හා ප්‍රමුඛතා‍වයෙන් අඩු සියලු වියදම් කපා හරින ලෙස අදාල චක්‍රලේඛය හරහා දැනුම් දී ඇති අතර ඒ අනුව වාහන, කාර්යාල උපකරණ ඇතුළු නව මිලදී ගැනීම්, ගොඩනැගිලි කුළියට ගැනීම් ඇතුළු වියදම් කිසිදු අයුරකින් සිදු නොකරන ලෙස ද දැනුම් දී තිබෙනවා.

(LNW)