Thursday, June 05, 2025
Follow Us
රාජ්‍ය ආයතන ප්‍රධානීන් තෝරන්න ජනාධිපතිගෙන් සිව් පුද්ගල කමිටුවක් !

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් තෝරා ගැනීම සඳහා විශේෂ කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා. එම කමිටුව සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත වේ.

ජනාධිපතිවරයා විසින් පත්කර ඇති මෙම කමිටුවේ සාමජිකයන් වන්නේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා, ජෝන් කීල්ස් සමූහයේ හිටපු සභාපති සුසන්ත රත්නායක මහතා සහ මාස් හෝල්ඩිංග්ස් සමූහයේ හිටපු සභාපත් ඩයන් ගෝමස් මහතාය.

ජනාධිපතිවරයා පසුගියදා කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවේදී ප්‍රකාශ කළේ සියලු රාජ්‍ය ආයතන සඳහා චෝදනා නොමැති සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කරන බවයි. ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කරන බවත්, ඇමතිවරුන්ට ඒ ඒ රාජ්‍ය ආයතන සඳහා සුදුසු පුද්ගලයන්ගේ නම් කමිටුව වෙත ලබාදිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

(LNW)