නව ජනාධිපතිතුමා දිවුරුම් දීමෙන් පසුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සෙසු පක්ෂ නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සමග කතානායක කරූ ජයසුරිය මහතා සාකච්ඡා කර ඇත.
රටේ පාලනය පිළිබඳව පැහැදිළි ජනමතයක් ප්‍රකාශ වී ඇති බැවින් එයට අනුව කටයුතු කළ යුතු බව බොහෝ දෙනාගේ මතය වී ඇති බව කතානායක මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඒ අනුව විකල්ප ක්‍රියාමාර්ග 3ක් පිළිබඳව අවදානය යොමුව ඇත.
ඒ
1. ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු පරිදි 2020 මාර්තු මස 01වන දින පාර්ලිමේන්තුව විසිරුවා හැර අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවකාශය සැලසීම.
2. මන්ත්‍රීවරු විසින් ස්වෙච්ඡාවෙන් 3/2 බහුතරය ලබා දී පාර්ලිමේන්තුව විසිරුවා හැර වහාම මහ මැතිවරණයකට යොමු වීම.
3. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව අභිනව ජනාධිපතිතුමන්ට මහ මැතිවරණයකට එළැඹෙන තුරු භාරකාර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ඉඩ අවකාශ සැලසීමයි වශයෙන්ය.
එම ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සතිය තුළ පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව කතානායක මාධ්‍ය අංශ්‍ය සඳහන් කර ඇත.
(Aruna)