Friday, March 13, 2026
Follow Us
දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීමට සූදානම්

ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයේ දිවුරුම් දීම අද (18) පෙරවරුවේ සිදු කෙරෙනවා.

ඒ, අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියසදීයි.

ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට ප්‍රථමයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිතයි.

දිවුරුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි සෑ මහ මළුවේ සිට ජාතිය ඇමතීමට ද නියමිතව තිබෙනවා.

(Neth)