Friday, March 13, 2026
Follow Us
ජනපති මෛත්‍රීගෙන් නව ජනපති ගෝඨාභයට සුබ පැතුම්

2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 07 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබ පැතුම් පළ කර තිබෙනවා.

නව ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද පළ කරන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ. මාතෘ භූමිය සහ ජනතාව වෙනුවෙන් අඛණ්ඩ කැප වීමෙන් යුතුව තමා විසින් ඉටු කළ වගකීම් හෙට දිනයේ ද ඉටු කිරීම සිය අධිෂ්ඨානය බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

(Neth)