Tuesday, May 06, 2025
Follow Us
SMART Youth Exhibitions & Nights - 2024  දීප ව්‍යාප්තව

ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරන SMART Youth Exhibitions & Nights - 2024 වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව  කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ගෝලීයව පැතිර ගිය කොවිඩ් ව්‍යවසනයේ ප්‍රබල බලපෑම මත අතිශය පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට තරුණ ප්‍රජාවට සිදු විය. ඔවුන් එම  පීඩනයට නතු වීම වළකමින් ඔවුන්ගේ විනෝදාස්වාදය, රසවින්දනය සහ මානසික සුවතාව වර්ධනය කිරීමත්, තරුණ ප්‍රජාවට සමාජශීලී සබඳතා භෞතිකව පවත්වාගැනීමට අවස්ථාව සලසා දීමත්, ඔවුන්ට එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමත් මෙහි අරමුණයි.

ඒ අනුව, මුළු දිවයිනම ආවරණය වන පරිදි SMART Youth Exhibitions & Nights - 2024 වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.