Wednesday, March 25, 2026
Follow Us
උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීමට අනුමැතිය ලැබෙයි

අ.පො.ස (සාමාන්‍ය පෙළ)ල අ.පො.ස (උසස් පෙළ) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහිත අනුකමිටුවේ නිර්දේශය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අද (09) අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙම වැඩි කළ දීමනාව උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට ලබා දීමට නියමිතයි.