Wednesday, February 04, 2026
Follow Us
යාං ඔය ජලාශ ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ පදිංචිකරුවන් සඳහා මුදල් ලබාදෙයි

යාං ඔය ජලාශ ව්‍යාපෘතිය 2015 වසරේදී ක්‍රියාත්මක කිරීමේදී අත්පත් කර ගන්නා ලද මඩ ඉඩම් වෙනුවෙන් ලබාදීමට නියමිත විකල්ප ඉඩම් වෙනුවට ගොවිතැනින් නොවන වෙනත් ජීවනෝපායන්/රැකියා මගින් ජීවත් වන හා හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා ඉන් පිටත පදිංචි පුද්ගලයන් 614 සදහා රුපියල් ලක්ෂ දහ අටක විකල්ප අතිරේක මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණි.

ඒ අනුව පුද්ගලයන් එම අතිරේක මුදල් ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කල 506 දෙනෙකු වෙනුවෙන් අදාළ චෙක්පත් ප්‍රදානය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නියෝජනය කරමින් පැමිණි අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) සන්ධ්‍යා අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් හොරොව්පතාන ප්‍රාදේශීය සභා ශාලාවේදී  පසුගියදා පැවැත්විනි.