Wednesday, February 04, 2026
Follow Us
සිරකරුවන් 779කට ජනාධිපති සමාව

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779කට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දීමට තීරණය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනැමීමට නියමිතය.