Monday, May 06, 2024
Follow Us
විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම මෙරට රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ අවස්ථාව

ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන් සේවා අධිකාරිය සහ සංචාරක අමාත්‍යාංශය හා එක්ව මෙරට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම් කර, ගුවන් තොටුපළෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබා දීමට අවශ්‍ය සියළු කටයුතු සූදානම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒ සඳහා අයදුම් කිරීමේදී මාසයක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමට නම් ඩොලර් 25ක්ද, මාස තුනක් සඳහා ඩොලර් 50ක්ද, මාස හයක් සඳහා ඩොලර් 75ක්ද, අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ඩොලර් 200ක්ද අය කිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.