Wednesday, February 04, 2026
Follow Us
බිත්තර ආනයකට කැබිනට් අනුමැතිය

උත්සව සම‍යේ අවශ්‍යතා සඳහා තවත් බිත්තර මිලියන 42ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ.

උත්සව සමයේ බිත්තර අවශ්‍යතාව ඉටුකිරීම හා මිල ස්ථාවරව පවත්වාගෙන යාම මෙහි අරමුණයි.

එම බිත්තර ප්‍රමාණය, ආනයනය සඳහා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දීය ආයතන වෙතින් මිල ගණන් කැඳවා තිබේ.

අමාත්‍ය මණ්ඩලය පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාළ ප්‍රසම්පාදනයන් ප්‍රදානය සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.