Wednesday, February 04, 2026
Follow Us
ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට

2023(2024) උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව හෙට 19 සිට 29 වනදා දක්වා දිවයිනේ තෝරාගත් මධ්‍යස්ථාන 41කදී එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ අපේක්ෂකයාගේ ප්‍රවේශ පත්‍රයේ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු දිනය හා ස්ථානය සඳහන්ව ඇති බවය.

එසේම ඊට අදාළ දිනය හා ස්ථානය කිසිදු හේතුවක් මත වෙනස් නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 ඊට අදාළ වැඩිදුර තොරතුරු පහතින්.

1 18