Sunday, May 11, 2025
Follow Us
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව මෙයින් දැනුම් දෙන අතර 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට  අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප‍‍්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇත.
 
  තව ද අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලීම්  සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට නොපැමිණෙන ලෙසට අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටි.